හම්බන්තොට සිනුක්කුගල ප්‍රදේශයේ දී වනඅලියෙකුගේ ප්‍රහාරයට ලක්ව කුඩා දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ පාසලේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 07ක දියණියෙකි.
එමෙන්ම ඇයගේ පියාද වනඅලියාගේ පහර කෑම හේතුවෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර ඇත.
තම පියා සමඟ අද (03) උදැසන 6.00ට පමණ හේනට ගොස් සිටින අතරතුර මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව තිබේ.
පාසල් නිවාඩු දිනයක් බැවින් මෙම දියණිය, සිය පියා සමඟ වගා කටයුතුවල නියැලෙමින් සිටින අතරතුර හේනට පැමිණි වන අලියෙකු විසින් දෙදෙනාටම පහර දී ඇති බව සඳහන් වේ.
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ