Sri Lanka
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
72 | 2025-08-11 10:48 AM
ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අභිබවමින් LOLC සමූහයේ සභාපති ඉෂාර නානායක්කාර මහතා, ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් කිරුළ පැළඳ ඇති බව Gulf News පුවත් සේවය සඳහන් කරයි. Gulf News පුවත් සේවය පවසන පරිදි ඉෂාර නානායක්කාර මහතාගේ වත්කම මේ වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.6ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇත. මේ වන විට රටවල් 10කට වැඩි සංඛ්‍යාවකට සිය මූල්‍ය ව්‍යාපාර ජාලය ව්‍යාප්ත කරලීමට සමත්ව ඇති ඉෂාර නානායක්කාර මහතා ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ කැපීපෙනෙන චරිතයක් බවට මේ වන විට පත්ව තිබේ. ඔහුගේ සභාපතිත්වයෙන් යුතු LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී අද වන වි‌ට කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගම් අතුරින් සිව්වන ස්ථනයේ පසුවන අතර සිය නායකත්වය යටතේ ක්‍රියාත්මක LOLC ෆයිනෑන්ස් සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් යන සමාගම්, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් විශාලම සමාගම් 15 අතරෙ හි පසුවේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ