Sri Lanka
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
56 | 2025-08-11 10:56 AM
ලිඳුල, මෙරායා ඌවකැලේ වත්තේ ඉහළ කොටස ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ. අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු සහ පිටුපස අසුනේ ගමන්ගත් තරුණයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරුවන් අතරින් එක් අයෙකුගේ සුසුම්නාවට හානි සිදුවීම හේතුවෙන් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. ත්‍රිරෝද රථ රියදුරු සහ පිටුපස ගමන්ගත් ඔහුගේ මිතුරන් අධික ලෙස බීමත්ව සිටි බවත් වේගය පාලනය කරගත නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස අනතුරට ලක්ව ඇති බවත් අනාවරණය වී තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ