Sri Lanka
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
240 | 2025-08-04 12:02 AM
ත්‍රිකුණාමලය උතුරු වෙරළ මාර්ගයේදී පිරිසක් විසින් සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 32ක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සාදයක් අතරතුර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෘත ශරීරය ත්‍රිකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිකුණාමලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ