Sri Lanka
දීගල සමන්ට අයත් කෝටි ගණනක නිවසක් තහනම් කරයි
14 | 2026-02-12 07:54 AM
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මේවන විට බන්ධනාගාරගතව සිටින අජිත් පෙරේරා හෙවත් 'දීගල සමන්' නැමැත්තාගේ සුඛෝපභෝගී නිවසක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කර තිබේ. රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් අදාළ නිවස පිහිටා ඇත්තේ, අවිස්සාවේල, දෙහිඕවිට ප්‍රදේශයේය. එම නිවස ඔහුගේ අනියම් බිරිඳට මිලදීගෙන දී ඇති බව පොලීසිය පැවසුවේ. සැකකරුට එම නිවස මිලදීගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය පැහිදිලි කිරීම නොහැකිවීම හේතුවෙන් පොලීසිය සැකපලකරන්නේ එය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගෙන ඇති බවටය. ඒ අනුව අදාළ නිවස තහනම් කිරීමට කටයුතු කළ බව පොලීසිය පැවසුවේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ