Sri Lanka
මසකට වරක් සෑම රෝහලකම ඖෂධ සමාලෝචන රැස්වීම්
17 | 2026-02-12 08:00 AM
රෝහල් තුළ අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වා ගෙන යාම සඳහා සෑම රෝහලකම මසකට වරක් ඖෂධ සමාලෝචන රැස්වීම් පැවැත්වීමට පියවර ගත යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. මාතර දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය. ඖෂධවල යම් හිඟයක් ඇති වීමට පෙර එය හඳුනාගෙන ඊට නිසි පිළියම් යෙදීමට මෙන්ම ප්‍රාදේශීය මිලදී ගැනීම් හෝ සිදුකළ රෝහල තුළ අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වා ගෙන යාමට එම ඖෂධ සමාලෝචන රැස්වීම අතිශය වැදගත් වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ. සෑම විටම රෝහල් තුළ අවශ්‍ය ඖෂධ ධාරිතාවක් පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙන්නේ නම් එය ඖෂධ සම්බන්ධයෙන් ඇති වන ගැටලුවලට සාධනීය විසඳුමක් බවද හංසක විජේමුණි මහතා වැඩිදුරටත් සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ සැපයුම් ජාලය යථාවත් කිරීමට සෑම විටම කටයුතු කරන බවද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පැවසුවේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ