Sri Lanka
වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම්වලට පහසුකම් සැපයීමෙන් ඩොලර් ලක්ෂ 6ක උපයයි
14 | 2026-02-12 08:30 AM
වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් මඟින් මාස 4ක් තුළ අමෙරිකානු ඩොලර් ලක්ෂ 6කට ආසන්න විදේශ විනිමයක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. ඒම මෙහෙයුම් ආරම්භ කළ පසුගිය වසරේ ඔක්තෝබර් 03 සිට මාස හතරක් තුළ අමෙරිකානු ඩොලර් 598,250ක විදේශීය විනිමයක් උපයාගත් බව අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් සමඟ ගිවිසුම්ගත වෙමින්, වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබීය. ඒම මෙහෙයුම් සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඒක්වෙමින් යර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා මෙම අදහස් පල කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ