Sri Lanka
මත්ද්‍රව‍්‍ය ගෙන සේවයේ යෙදුණු බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු 7ක් අත්අඩංගුවට
11 | 2026-02-12 01:00 PM
මත්ද්‍රව්‍ය භාවිත කර පෞද්ගලික මගී බස් රථවල සේවයේ යෙදෙමින් සිටි රියදුරන් සහ කොන්දොස්තරවරුන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළින් ගමන් ආරම්භ වන සහ පිළියන්දල නගරය හරහා ධාවනය වන පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව‍ය පානය කර ඇතිදැයි පරික්ෂා කිරීමෙන් අනතුරුව එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. එම පරික්ෂා කිරීම් පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළෙ දී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ විශේෂ බස් රථයක් තුළ සිදුකර තිබේ. බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 170 එලෙස පරීක්ෂාවට ලක් කර ඇත. නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ පිළියන්දල පොලීසිය ඒකාබද්ධව පුරා පැය පහකට ආසන්න කාලයක් එම පරික්ෂා කිරීම සිදුකර තිබේ. මාර්ග අංක 120 ( කැස්බෑව - පිටකොටුව) , මාර්ග අංක 255 ( ගල්කිස්ස - කොට්ටාව), මාර්ග අංක 162 ( පිළියන්දල බණ්ඩාරගම), මාර්ග අංක 341 ( පිළියන්දල - මහරගම), මාර්ග අංක 341/2 ( කරදියාන හරහා - මහරගම), මාර්ග අංක 342 ( පිළියන්දල -කොට්ටාව), මාර්ග අංක 157 ( කහපොල - පිලියන්දල ) හා මාර්ග අංක 157/1 පිලියන්දල - මාකන්දන) යන මාර්ගයන්හි රියදුරන් සහ කොන්දොස්තරවරුන් එලෙස පරීක්ෂාවට ලක් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පිලියන්දල පොලීසිය ඉදිරි පරීක්ෂණ පවත්වයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ