Sri Lanka
කළුතර මහාධිකරණයෙන් තිදෙනෙකුට මරණ දඬුවම
8 | 2026-02-14 08:35 AM
වස්කඩුව මනුෂ්‍ය ඝාතන නඩුවේ තිදෙනෙකුට කළුතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා විසින් ඊයේ (13) මරණ දඬුවම නියම කර තිබේ. කුඩා වස්කඩුව ලිටිල්ටන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි චමින්ද කුමාර නමැත්තා 2008 ඔක්තෝබර් මස 23 හෝ ඊට ආසන්න දිනක, වස්කඩුව ප්‍රදේශයේ පැවති අවමඟුල් නිවසකදී පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයින් කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්ෂි විභාග කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පැවරීය. පසුගිය නඩු වාරයේදී පැමිණිල්ලේ සහ විත්තියේ දේශන ඉදිරිපත් කර තිබූ අතර, තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ඊයේ(13) සිදු කරන ලදී. තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර මහාධිකරණ විනිසුරු විසින් මහාධිකරණ ශාලාවේ දොර ජනෙල් වසාදමා විදුලි පහන් නිවා අධිකරණ ශාලාව තුළ රැදී සිටී සියලු දෙනා අසුන්වලින් නැගිටවීමෙන් පසු මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ