පැන්ස 07 ක දෛනික වැටුපකින් තේ වගාවේ කම්කරු රැකියාව ආරම්භ කල මලයගම් ජනතාවගේ කතාන්දරය!
පැන්ස 07 ක දෛනික වැටුපකින් තේ වගාවේ කම්කරු රැකියාව ආරම්භ කල මලයගම් ජනතාවගේ කතාන්දරය!
“මව්බිමට ජවයක් ගෞරවනීය පුරවැසියෙක්”
මලයගම් ප්‍රජාවට සුබ සිහින සපල වීමට නියමිතව ඇත!
මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 4.1 ක් පමණ එනම් මිලියනයක් !
වසර 150 තේ වගාවට ශක්තිය ලබා දුන් මලයගම් ප්‍රජාව !
කඳුකර මලයගම් ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් “මව් බිමට ජවයක් ගෞරවනීය පුරවැසියෙක්”
මලයගම් ජනතාවගෙන් 67.8% ක් තවමත් ජීවත් වන්නේ ලයින් කාමර තුළයි.
“සිලෝන් ටී” ලොව රසවත්ම තේ කෝප්පයේ සාඩම්බර හිමිකරුවා කඳුරට මලයගම් ප්‍රජාවගේ සිහිනයට සිනවහක් එක් වූ වගයි....
මලයගම් ප්‍රජාවට නිවාස හිමිකම් පත් 2000ක් ජනපති අතින් ලබා දීම
2024.10.12
“සිලෝන් ටී” ලොව රසවත්ම තේ කෝප්පයේ සාඩම්බර හිමිකරුවා කඳුරට මලයගම් ප්‍රජාව උවද එම ජනතාවගේ ජීවිත අතිශයින් නීරස වීම පිළිබඳව සියළු දෙනාම වගකිව යුතුය. තේ කූඩය සහ මට්ටම් ලීය ජීවිතය කොටගෙන කහට කෝප්පයෙන් රොටියකින් වේලක් හැර වේලකින් බඩ වියත රැකගෙන මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන කඳුකර මලයගම් ජනතාව රටට සම්පතක් වග පැහැදිලිය.
මෙම ජනතාව සාමාජීය හා ආර්ථික වශයෙන්ද ඓතිහාසික වශයෙන්ද සුවිශේෂී ස්ථානයක් දරණ නමුදු මෙරට ජීවත්වන අනෙකුත් ජන කොටස් හා සැසඳීමේදී වඩාත් පහළ ජීවන තත්වයක් හිමි ජනතාවක් වන්නේ කඳුකර මලයගම් ජනතාවයි.

වර්තමානයේ මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 4.1 ක් පමණ එනම් මිලියනයක් පමණ වන මෙම ජනතාව අද වන විට බදුල්ල, නුවරඑළිය, මාතලේ,මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර, කෑගල්ල, කළුතර, කුරණෑගල වැනි දිස්ත්‍රික්කවල වතු ආශ්‍රිතව පදිංචි වී ඇත.
මෙයට සියවස් දෙකකට පමණ පෙර එනම් 1823 වර්ෂයේදී මෙරට ව්‍යාප්තව තිබූ කෝපි වගාවේ කම්කරුවන් ලෙස කටයුතු කිරීමට ඉන්දියාවේ සිට මෙම ජනතාව ගෙන එන ලදී.
ඉන්දියාවේ සිට තලෙයි මන්නාරම දක්වා බෝට්ටු වලින්ද තලෙයිමන්නාරමේ සිට රට මැද මහනුවර දක්වා පයින්මද පැමිණි මෙම ජනතාව ගම්පොල පිහිටි කෝපි වගාවක කම්කරුවන් ලෙස සේවයට යොදවා ඇත.
දිලීරයක් හේතුවෙන් මෙරට කෝපි වගාවේ පරිහානිය සිදු වීමත් සමඟ 1960 වර්ෂය තුළ ජේම්ස් ටේලර් විසින් මහනුවර හේවා හැට ලූල්කඳුර වතුයායේදී මෙරට පළමු තේ ගස සිටුවා වාණිජ අරමුණින් මෙරට තේ වගාව ආරම්භ කොට ඇත.

වාණිජ අරමුණින් තේ වගාව ආරම්භ කල දා සිට 2025 මේ දක්වා මෙම ජනතාව වසර 150ක් පුරා මෙරට තේ වගාවේ උන්නතිය වෙනුවෙන්ම කටයුතු කර ඇත.
පැන්ස 07ක දෛනික වැටුපකින් තේ වගාවේ කම්කරු රැකියාව ආරම්භ කල මෙම ජනතාව තම දරු පවුල් පිටින්ම තේ කර්මාන්තයේ දියුණුවට කැපවී ඇත. මෙම ජනතාව අදටත් මෙරට වෙහෙස මහන්සි වී වැඩ කරන සහ ජාතික ශ්‍රම බලකායේ වඩාත්ම ඵලදායී කම්කරුවන් අතරටද අයත් පිරිසකි. එමෙන්ම රටේ ආර්ථිකයට සෘජු බලපෑමක් ඇති කරමින් ජාතික සංවර්ධනයට ඉමහත් දායකත්වයක් ලබා දෙන ජන කොටසකි.
නමුදු පෙර පැවති රජයන් යටතේ මෙම ජනතාවගේ මූලික අයිතිවාසිකම් හෝ ලබා දීමට අපොහොසත් වීම නිසා රට තුල සිටින දුගී වූත් අසරණම වූත් ජන කොට්ඨාශය බවට පත්ව සිටී. මෙම තත්වය හොඳින්ම හඳුනාගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව මේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්ද ඇතුළුව මෙතෙක් අහිමිව තිබූ බොහෝ දේවල් ලබා දීමටත් කටයුතු කරමින් සිටීම දැකගත හැකිය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර සිට කඳුකර මලයගම් ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් අහිමිවීම් ඇතුළු ගැටළු රාශියක් හඳුනාගනිමින් ඒවාට විසඳුම්ද හඳුනාගෙන සිටීම වැදගත්ය.
කඳුකර මලයගම් ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් “මව් බිමට ජවයක් ගෞරවනීය පුරවැසියෙක්” ජාතික ජන බලවේගයේ හැටන් ප්‍රකාශනය මගින් මෙරට මලයගම් ප්‍රජාවට ලැබිය යුතු සියළු වරප්‍රසාද අයිතිවාසිකම් ලබා දීමට සපත වී තිබීමෙන් එය පැහැදිලිය.
2023 ඔක්තෝබර් 15 දින හැටන් නගරයේදී ජාතික ජන බලවේගයට අයත් සියළු කණ්ඩායම් එක්ව “කඳුකර දමිළ ජනතාවගේ ජාතික සමුළුව” පවත්වන ලදී. එහිදී මෙම මලයගම් ජනතාවට අනෙකුත් අයිතිවාසිකම් ද සමඟ ඔවුන්ටම කියා නිවසක අයිතිය ලබා දීමට සපත විය.
ජන හා සංඛ්‍යා ලේඛන වාර්තා අනුව මෙරට සිටින මලයගම් ජනතාවගෙන් 67.8% ක් තවමත් ජීවත් වන්නේ ලයින් කාමර තුලය. ඒ නිසා එම තත්ත්වයට විසඳුම් ලබා දී මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන ජනතාව සමෘද්ධිමත් ප්‍රජාවක් ලෙස ඔවුන්ගේ සංවර්ධනයට උපකාර වන නිවාස යෝජනා ක්‍රම මගින් ජීවත් වීමට සුදුසු නිවාස ලබා දීම කල යුතුමය.

අද වන විට වත්මන් ආණ්ඩුව ඊට අවශ්‍ය අඩිතාලම දමා තිබීම අතිශය ප්‍රශංසනීයය. මෙම ජනතාවට මෙතෙක් නොතිබූ දේවල් බොහෝය. උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත, තැපැල් ලිපිනය අහිමි වූ ජනතාවට වත්මන් ආණ්ඩුව එම ජනතාවට අහිමිව තිබූ මූලික අයිතිවාසිකම් පසුගිය කාලය තුල සම්පූර්ණ කිරීමද පැසසිය යුතුය.
එමෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර සිට වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1 700 ක් දක්වා ඉහල දැමිය යුතුය යන සටන් පාඨය තුල අදද සිටිමින් එය වැඩි කිරීමට ගන්නා උත්සාහයද වැදගත්ය.
“පසුගිය අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් විශාල ගණනකින් ඉහල දැමුවා. එමෙන්ම පුද්ගලික අංශයේ වැටුප්ද රජය මැදිහත් වෙලා ඉහල දැමීමට කටයුතු කලා. ඒ නිසා මේ වතු කම්කරු ජනතාවගේ වැටුප රු. 1700/- දක්වා වැඩි කිරීමට සියළු පාර්ශව සමග සාකච්ඡා කර කටයුතු කරනවා”
යන පොරොන්දුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ලබා දීමද වැදගත්ය.
තම පෞද්ගලික හිමිකම්, පුරවැසිභාවය, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් සහ නිවාස හිමිකම් යනාදී මූලික මානව හිමිකම් සම්පූර්ණ වී නොමැති පිරිසක් වතුකරයේ ලයින් කාමරවල දිවි ගෙවති.
එම පිරිස ලයින් කාමර තුල අනාරක්ෂිත බව, සනීපාරක්ෂාව අහිමි, පිරිසිදු ජලය, විදුලිය අහිමි අති දුෂ්කරතා මැද ජීවත් වන්නවුන්ය. අසරණ දුගී බවින් දීර්ඝ කාලයක් පුරා හෙම්බත්ව සිටින මෙම ජනතාවට යහපත සැලසිය යුතුමය.
එහෙයින් නිවසක උරුමය මෙන්ම භූමියක හිමිකම ද ලබා දී මෙම ප්‍රජාවට සත්‍ය සමාජ පරිවර්තනයකට මුල් පියවරක් ලෙස මෙම නිවසක, ඉඩමක හිමිකමක් ලබා දීම අතිශය සුවිශේෂීය.

“සුවපහසු නිවසක් සනීපාරක්ෂක ජීවිතයක්” යන තේමාව මුල් කර ගෙන ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජය සමග එක්ව මෙම මලයගම් ප්‍රජාවගේ ජීවන තත්වය උසස් කිරීමේ අරමුණින් ඉදිකරනු ලබන නිවාස ව්‍යාපෘතිය වැවිලි ප්‍රජාව සඳහා හුදෙක් නිවසක් ලබා දීමක් පමණක් නොව මෙරට ජාතික ආර්ථිකය ඉහලට ඔසවා තබා මව්බිමට ජවයක් සපයන “ගෞරවනීය පුරවැසියෙක්” බවට පරිවර්තනය වීමේ මූලික අඩිතාලම වනු ඇත. ඒ හරහා වතුකර මලයගම් ජනතාවද රටේ අනෙකුත් පුරවැසියන් සමගම පොහොසත් රටක ලස්සන ජීවිතයකට උරුමකම් කියන ආදරණීය ජනතාවක් වනු ඇත.
මලයගම් ප්‍රජාවට නිවාස හිමිකම් පත් 2000ක් ජනපතිතුමා අතින් ලබා දීම
කඳුකර මලයගම් ජනතාවට නිවාස දස දහසක් ලබා දීමේ වැඩ සටහනේ මුල් අදියරේ නිවාස හිමි ප්‍රතිලාභීන් සඳහා නිවාස හිමිකම්පත් ලබාදීම මේ මස දොලොස්වන ඉරිදා දින බණ්ඩාරවෙලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් කිරීම උදෙසා හැටන් ප්‍රකාශයනය අනුව යමින් මලෛයගම් ප්‍රජාව මෙරටට පැමිණ වසර 200ක් සපිරුණු මොහොතේ නිවාස ප්‍රතිලාභය තහවුරු කිරීමේ අරමුණින් ඉන්දු ලංකා හතරවන අදියරේ නිවාස 10,000 වැඩ සටහනේ ප්‍රතිලාභීන් 2,000ක් සඳහා මෙම නිවාස හිමිකම්පත් ලබා දීම සිදු කෙරේ.
කඳුකර වතු ප්‍රදේශවල පදිංචිව සිටින මලෛයගම් ප්‍රජාවගේ ජීවන තත්වය උසස් කිරීම මෙන්ම ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් සහිත නිවෙස් ලබා දීම, මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන අතර ප්‍රතිලාභීන් තෝරාගන්නා ක්‍රමවේදයද ඉතා නිශ්චිත ක්‍රමවේදයකට අනුව සිදු කර තිබීමද විශේෂත්වයකි.

ඒ අනුව ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අත්‍යවශ්‍යම සුදුසුකම් ලෙස වතු සේවකයෙකු වීම (ලියාපදිංචි/විශ්‍රාමික/අනියම් කම්කරු),වසර 05ක නිවැරදි වතු පදිංචිය,වතු සේවක සමූපකාර නිවාස සමිතියේ සාමාජිකත්වය,කලින් නිවාස ආධාර ලබා නො මැතිවීම, මේ වන විට පදිංචිව සිටින්නේ ලයින් කාමරයක හෝ තාවකාලික නිවසක වීම, එමෙන්ම දැනට පදිංචි ස්ථානයේ ආපදා බලපෑම් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) වාර්තාවේ දැක්වේ.
මෙන්ම අමතර ලකුණු ලබා දීමක්ද හඳුන්වාදී ඇත. එහිදී පවුලේ ළමුන් ගණන, ආබාධිතයින්, වයස්ගත පදිංචිකරුවන්, බහු පවුල් ජීවත්වීම ආදියට අමතර ලකුණු ලබා දීම සිදු කෙරේ.
ඉන්දීය රජය මගින් මෙම එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 28ක මුදලක් වැය කරන අතර ශ්‍රී ලංකා රජය මගින් නිවසේ යටිතල පහසුකම් සඳහා රුපියල් ලක්ෂ 04ක මුදලක් වැය කර ඇත.
මෙම නිවාස වැඩ සටහන මගින් වතු කම්කරුවන්ගේ නිවාස අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම පමණක් නොව පිරිසිදු ජලය, විදුලිය , සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය මෙන්ම ජීවනෝපාය සංවර්ධනය, සමාජ ගෞරවය සහ විශ්වසනීය අනාගතයක අපේක්ෂාව ගොඩ නැගීම ඇතුළු ජීවන තත්වයේ උසස් වීම්ද සිදු වනු ඇත.