Sri Lanka
අපි පැහැදිලිවම අරගලය සම්බන්ධයෙන් සොයනවා - නාමල්
14 | 2026-02-14 09:30 AM
අරගලය සම්බන්ධයෙන් සහ ඒ සඳහා විදේශ රටවලින් ලැබුණු මුදල් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනය කිරීමට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ(13) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ සඳහන් කළේ, "අරගලය මුවාවෙන් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න එක ජීවිතයක් නැති කරා. තරුණ පිරිසක් එල්ලුම් ගස් යැව්වා. අවවාද උපදෙස් දීල ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා දැන් එන්න එළියට බහින්න ගහන්න අපි බලාගන්නම් කියලා කියපු අය අද රජ වෙලා ඉන්නවා.අර තරුණයෝ එල්ලුම් ගස් ගිහිල්ලා තියෙනවා." යනුවෙනි

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ