Sri Lanka
පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා බිරිඳව ගිනි තබා ඝාතනය කරයි
14 | 2026-02-14 09:35 AM
පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් වූ සිද්ධියකින් සැමියා විසින් සිය බිරිඳව ගිනි තබා ඝාතනය කර තිබේ. පරසන්ගස්වැව, මැදගම ප්‍රදේශයේදී ඊයේ (13) මෙම සාහසික අපරාධය සිදුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක්වූ පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචිකාරියක්ය. පරසන්ගස්වැව පොලිස් ස්ථානය මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එහිදි අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරසන්ගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ