Sri Lanka
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අපරාධ රැසක තොරතුරු එළියට
14 | 2026-02-14 02:15 PM
බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් පසුගිය 8වනදා, අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බම්බලපිටිය, නාරාහේන්පිට, පෑලියගොඩ, දෙමටගොඩ, තලංගම, ගොතටුව, මරදාන, කුරුඳුවත්ත, බොරැල්ල හා වැලිකඩ පොලිස් වසම්වල යතුරු පැදි සොරකම් 08ක්, ලැප්ටොප් හා ජංගම දුරකථන ඇතුළු දේපල සොරකම් කිරීම් රැසක් මොහු විසින් සිදු කර ඇති බවය. අදාළ සැකකරු වයස අවුරුදු 32ක් වන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ. මොහු විසින් සොරකම් කරන ලද යතුරුපැදි කිහිපයක්, ලැප්ටොප් ඇතුළු දේපල විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන ඇති බව පොලීසිය පැවසීය. සැකකරු අද(14) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ