Sri Lanka
ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය ධීවරයින් ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් නැවතත් ලිපියක්
12 | 2026-02-16 08:55 AM
නිදහස ලබා ශ්‍රී ලංකාවේ සිටින තමිල්නාඩු ධීවරයින් හැකි ඉක්මනින් නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා එරට විදෙස් කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා වෙත ලිපයක් යොමු කර ඇත. ඔහු සිය ලිපියෙන් ඉල්ලා ඇත්තේ තමිල්නාඩු ධීවරයින් නැවත් ඉන්දියාවට ගෙන්වා ගැනීම සහතික කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙසය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද තමිල්නාඩු ධීවරයින් සම්බන්ධයෙන් යාපනය අධිකරණය දුන් නියෝග සම්බන්ධයෙන් ද ඔහු සිය ලිපියෙන් දැනුම් දී ඇත. ඔහු එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ, 2026 පෙබරවාරි මස 3වනදා අධිකරණය විසින් ධීවරයින් 12දෙනෙකු සම්බන්ධ නඩු විභාග කර ඇති බවත් එයින් තිදෙනෙකු 2025 දෙසැම්බර් 28 වනදා මන්දාපම් හිදී අත්අඩංගුවට ගත් අය වන අතර අනෙක් 9 දෙනා 2026 ජනවාරි 3 වන දින මයිලදුතුරෙයි හි දී අත්අඩංගුවට ගත් අය බවය. නඩු විභාගයෙන් පසු, බෝට්ටු පැදිකරුවන් තිදෙනෙකුට මාස හයක බරපතළ සිරදඬුවමක් සහ රුපියල් 11 ලක්ෂ 60,000ක දඩයක් නියම කර ඇති බව සඳහන් වේ. දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිරදඬුවමක් නියම කර ඇති බවද සඳහන් කර තිබේ. අනෙක් ධීවරයින් නවදෙනා නිදහස් කිරීමට නියෝග කර 2026 පෙබරවාරි 5 වන දින මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයට මාරු කර ඇති නමුත් නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීමේ විධිවිධාන සම්පූර්ණ කිරීමේදී ප්‍රමාද වීම හේතුවෙන් ධීවරයින් අත්අඩංගුවේ රැඳී සිටින බව ඔහු සිය ලිපියේ පෙන්වා දී ඇත. මීට පෙරද, ජනවාරි 21 වනදා, මහ ඇමති ස්ටාලින් විසින් ආචාර්ය එස්. ජයශංකර් මහතා වෙත ලිපියක් යොමු කර තිබුණි. එම ලිපියෙන් ඔහු පවසා ඇත්තේ තමිල්නාඩුවට අයත් ධීවර බෝට්ටු 254 ක් සහ මෑත කාලීන සිදුවීම් වලින් රඳවාගෙන සිටින ධීවරයින් ඇතුළුව ධීවරයින් 90 ක් ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින බවය. නිරන්තරයෙන් සිදුවන මෙම අත්අඩංගුවට ගැනීම් තමිල්නාඩුවේ වෙරළබඩ ධීවර ප්‍රජාවන්ට දැඩි දුෂ්කරතා ඇති කර ඇති බවත් ආර්ථික පීඩාවන්ට ලක් කරන බවත් ඔහු සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇති විදෙස් මාධය පවසයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ