Sri Lanka
ඝාතනය වූ නීතිඥවරයාගේ සහ බිරිඳගේ දේහයන් පිටිගල නිවසට රැගෙන එයි
11 | 2026-02-16 09:05 AM
තලංගම, අකුරේගොඩදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ දේහයන් ඔවුන්ගේ පිටිගල ගොඩාමුණ නිවසට රැගෙන ගොස් තිබේ. අවසන් ගෞරව දැක්වීම සඳහා ඔවුන්ගේ දේහයන් ඊයේ (15) උදෑසන සිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබුණි. ඉන් අනතුරුව මෙලෙස ඔවුන් දෙපළගේ දේහයන් නිවස වෙත රැගෙන යාමට කටයුතු කර ඇත. තලංගම, අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයට කිලෝමීටරයක් පමණ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලේ සිකුරාදා (13) පස්වරු 5ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් නීතීඥවරයා සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්විය. මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හා ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතබා පලා ගොස් තිබුණි. මෙලෙස ඝාතනයට ලක්වූයේ 44 හැවිරිදි නීතීඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ 42 හැවිරිදි ඩබ්ලිව්.ඒ. නිසංසලාය. මෙම ඝාතන සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් දහයක් යොදවා පරීක්ෂණ පවත්වයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ