Sri Lanka
අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණයන්ගේ අවසන් කටයුතු අද
13 | 2026-02-16 12:50 PM
ලංකා සම සමාජ පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) පස්වරු 4.30ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතව තිබේ. මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වන හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඉකුත් පෙබරවාරි 13වැනිදා සිය දිවි ගමනට සමු දුන්නේය. කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 92වැනි වියේ පසුවිය. අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ තැන්පත් කෙරුණු අතර ආගමික නායකයින්, දේශපාලනඥයින් ඇතුළු බොහෝ පිරිසක් පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ