Sri Lanka
ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු අත්අඩංගුව‍ට
13 | 2026-02-16 04:36 PM
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. කන්කසන්තුරය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස සමඟ ධීවර යාත්‍රා දෙකක් සිය භාරයට ගත් බව නාවික හමුදා සඳහන් කරයි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පිරිස කන්කසන්තුරය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා ප්‍රකාශ කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ