Sri Lanka
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෘත්තීය ක්‍රියා මාර්ගයක
12 | 2026-02-16 04:40 PM
ලබන 18 වෙනිදා සිට සෞඛ්‍ය දත්ත වාර්තා කිරීමෙන් ඉවත්වීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ ඔවුන් මුහුණ දෙන ගැටලු කිහිපයකට රජයෙන් විසඳුම් ඉල්ලමිනි. අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා මේ බව ප්‍රකාශ කළේය. පසුගිය 11 වෙනිදා තම සංගමය සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. "සෞඛ්‍ය නිලධාරි කාර්යාලවල අවශ්‍ය වෛද්‍ය නිලධාරියා නැහැ. සමහරවිට අවශ්‍ය අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් නැහැ. ඒ නිසා මහජනතාවට සේවාවන් සැපයීමේදී අධික බරක් ගැනීමට සිදුවෙලා තියෙනවා. ඔවුන්ට කළ හැකි සීමාවෙන් එහාට ගිහිල්ලා රාජකාරි කරන්න වෙලා තියෙනවා අනුමත වෛද්‍යවරුන් නැතිවීම නිසා. ඒ වගේම අනුමත වෛද්‍ය නිලධාරින් සංඛ්‍යාව යාවත්කාලීන කරලා නැති නිසා ජනගහනය වැඩිවෙලා තියෙනවා. ඒකට සාපේක්ෂව අනුමත වෛද්‍යවරුන් වැඩිවෙලා නැහැ. ඒ වගේම අනෙක් කාර්ය මණ්ඩලවල හිඟයක් තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ඉන්නවා මහජන පරීක්ෂකවරු, ඒ වගේම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, හෙදියන් මේ අයගේ එකතුවෙන් තමයි මේ සේවාව සපයන්නේ. මේ කාර්ය මණ්ඩලවල හිඟයක් පවතිනවා. මේ අවශ්‍ය සේවාවන් අදටත් සපයන්නේ, ගැටලු රැසක් මැද. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාවල යටිතල පහසුකම්වල ගැටලු තියෙනවා. අතහැරලා දාපු කාර්යාල තමයි අදටත් සෞඛ්‍ය නිලධාරී කාර්යාල හැටියට පවත්වන්නේ, තාවකාලික පදනමේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල ප්‍රධානතම ගැටලුව තමයි ක්ෂේත්‍ර රාජකාරිය. නමුත් මේක කරන්න ප්‍රවාහන පහසුකම් දීලා නැහැ. දීලා තියෙන වාහන පණ ගන්වන්න ගියාම ලොකු ගැටලු මතුවෙනවා. ඒ නිසා ඔවුන් සිය පෞද්ගලික වියදමින් තමයි මේවා සඳහා යොමු වෙන්නේ. මේ විදිහට තමයි මේ නිලධාරීන් මේ පද්ධතිය පවත්වාගෙන යන්නේ. මේ පද්ධතියට ප්‍රධාන වශයෙන් දත්ත සැපයීමෙන් ඉවත්වීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් තීරණය කරලා තියෙනවා. මේ දත්ත හරහා තමයි දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණය කරන්නේ. ඉදිරියේදී ගන්නා තීරණ සම්බන්ධයෙන් පුරෝකතනය කරන්නේ. මේක බෝවන සහ බෝ නොවන රෝග සම්බන්ධයෙන් බලපානවා. මේ හරහා තමයි රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ. මේ දත්ත ඉතාමත් රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැදගත් සාධකයක්."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ