Sri Lanka
භික්ෂුන් වහන්සේට එල්ල වන විවේචන ගැන අස්ගිරි අනුනාහිමි කළ ඉල්ලීම
13 | 2026-02-16 05:10 PM
සමාජයෙන් එල්ල වෙන චෝදනාවන් සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ උපේක්ෂා සහගතව කටයුතු කළ ‍යුතු බව අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි‍යන් පවසයි. එම චෝදනා සම්බන්ධයෙන් උකටලී නොවී නිහඬව කටයුතු කිරීම වඩාත් කාලෝචිත හා බුද්ධිගෝචර වන බවත් ඒ හරහා දිනෙක සත්‍ය පසක් වනු ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය. පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි‍යන් මේ බව සඳහන් කළේ, උන්වහන්සේ උදෙසා පැවැත්වූ හරසර දැක්වීමේ පූණ්‍ය මහෝත්සවයක් ඊයේ (15) පස්වරුවේ බදුල්ල ඓතිහාසික මුතියංගන රාජමහා විහාරස්ථානයේ දී එක්වෙමිනි. එමෙන්ම මේ රට තුළ තවමත් ශාසනයට ආදරය කරන විශාල පිරිසක් සිටින බවත් ඔවුන්ගේ හදවත් තුළ ඇති ශ්‍රද්ධාව කිසි දිනක වියැකී නොයෙන බවත් මෙහිදී අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි‍යන්, ''එක පැත්තකින් මෙම කාලවකානුව එක්ක බලද්දී අද සමාජයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධව මෙවැනි උපහාර උත්සව තාමත් පැවැත්වෙනවා..භික්ෂූන් වහන්සේලාගේ සේවාව අගයනවා.. අවසානාවකට ඇතැම් අය මේවා විවේචනයන්ට භාජනය කරනවා..මම අපේ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි දේවල් ගැන උකටලී නොවී උපේක්ෂා සහගත වෙන එක තමා වඩාත් බුද්ධි ගෝචර වෙන්නේ කියන එක තමා මගේ පෞද්ගලික අදහස.. භික්ෂූන් වහන්සේලා මේ වෙලාවේ නිහඬ වෙන එක තමා වඩාත් කාලෝචිත... මේ රටේ තමාත් ශාසනයට ආදරය කරන රත්නත්තරේ ගැන ප්‍රසාදය තියෙන විශාල පිරිසක් ඉන්නවා.. 90%ක විතර බෞද්ධ පිරිසක් ඉන්නවා එහෙම.. එක ඔවුන්ගේ හදවත් තුළින් නැති වෙන්නේ නෑ.. ශ්‍රද්ධාව තියෙන දායක පිරිස එදත් අදත් හෙටත් මේ ශාසනයේ ගිහි පැවදි සම්බන්ධය මැනවින් පවත්වා ගෙන යමින් කටයුතු කරනවා..''

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ