Sri Lanka
හෙරොයින් සහ අයිස් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
11 | 2026-02-17 08:35 AM
වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 960ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැල්ලම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. එමෙන්ම මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 147 මිලිග්‍රෑම් 900ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 42ක් වන සමිත්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ