Sri Lanka
අකුරේගොඩ ඝාතනයට අත්අඩංගුවට ගත් සොහොයුරන් අද අධිකරණයට
11 | 2026-02-17 03:20 PM
අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා අද (17) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර අදාළ සොහොයුරන් දෙදෙනා විසින් අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳසැල අසල රැඳී සිටි වෙඩික්කරුවන්ට ගිනිඅවි ලබාදෙන අයුරු ඇතුළත් සීසීටීවී රූපරාමු පෙළක් ද මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. එහි දැක්වෙන්නේ අත්අඩංගුවට පත් වූ එක් තරුණයෙකු විසින් ඔවුන් පැමිණ මෝටර් රථයෙන් බෑගයක් රැගෙනවිත් වෙඩික්කරුවන් රැඳී සිටි මෝටර් රථයට ලබාදෙන අයුරුය. අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් හෝකන්දර දෙසට යන ආකාරය ද එහි දැක්වේ. ඒ අතරතුරදී අදාළ නීතීඥවරයාද එම මාර්ගයේ පැමිණෙන අතර පසුව අත්අඩංගුවට පත් වූ දෙදෙනා ඒ පිළිබඳව වෙඩික්කරුවන්ට දැනුම්දී ඇති බවද පොලිසිය සඳහන් කළේය. තලංගම අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳැසලක රථ ගාලේදී ඉකුත් සිකුරාදා පස්වරුවේ නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කර තිබුණි. අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 12ක් පත්කරනු ලැබීය. එවන් පසුබිමක වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන තරුණයන් දෙදෙනෙකු කොට්ටාවේදී ඊයේ (16) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය. බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට සැකකරුවන් දෙදෙනා එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ, කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත ඩුබායි නිපුන හා මල්වානේ ටුටූ නැමැත්තන් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ