Sri Lanka
අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
10 | 2026-02-17 03:30 PM
අකුරේගොඩදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා හෙට (18) දක්වා රඳවා තබා ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දී තිබේ. මෙම සැකකරුවන් දෙදෙනා කොට්ටාවේදී ඊයේ (16) පස්වරුවේ බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු වන බවද පොලීසිය පැවසීය. කෙසේවෙතත් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත ඩුබායි නිපුන හා මල්වානේ ටුටූ නැමැත්තන් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවය. මේ අතර අදාළ සොහොයුරන් දෙදෙනා විසින් අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳසැල අසල රැඳී සිටි වෙඩික්කරුවන්ට ගිනිඅවි ලබාදෙන අයුරු ඇතුළත් සීසීටීවී රූපරාමු පෙළක් ද මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. එහි දැක්වෙන්නේ අත්අඩංගුවට පත් වූ එක් තරුණයෙකු විසින් ඔවුන් පැමිණ මෝටර් රථයෙන් බෑගයක් රැගෙනවිත් වෙඩික්කරුවන් රැඳී සිටි මෝටර් රථයට ලබාදෙන අයුරුය. අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් හෝකන්දර දෙසට යන ආකාරය ද එහි දැක්වේ. ඒ අතරතුරදී අදාළ නීතීඥවරයාද එම මාර්ගයේ පැමිණෙන අතර පසුව අත්අඩංගුවට පත් වූ දෙදෙනා ඒ පිළිබඳව වෙඩික්කරුවන්ට දැනුම්දී ඇති බවද පොලිසිය සඳහන් කළේය. තලංගම අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳැසලක රථ ගාලේදී ඉකුත් සිකුරාදා පස්වරුවේ නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කර තිබුණි. අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 12ක් පත්කරනු ලැබීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ