Sri Lanka
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
4 | 2026-02-18 11:20 AM
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබේ. දුම්රිය රියදුරු ශ්‍රේණියට බඳවාගත් නවක රියදුරුන් සඳහා පැවැති රැස්වීමකදි දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීමට යෝජිත හමුදා නිලධාරීන් පිරිසකටද එම පුහුණුව ආරම්භ කිරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස දුම්රිය සේවාවාරවලින් ඉවත් වීමට තීරණය කර ඇත. මේ සම්බන්ධව ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැති දීර්ඝ සාකච්ඡා අසාර්ථක වූ බැවින් ඊයේ සවස ලොකෝමොටිව් ඉංජිනේරුවන්ගේ විධායක කමිටු රැස්වීමක් පැවැති අතර එහිදී ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාවාරවලින් ඉවත් වීමට ඔවුන් තීරණය කළ බව එම සංගමය පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ