Sri Lanka
ගල්කිස්ස අධිකරණ භූමියේ ආවේගශීලී වූ නිතීඥවරයා ගැනත් විමර්ශනයක්
48 | 2025-10-12 12:15 PM
ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙක් නීතීඥයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් මේ වන විට විර්මශනයක් ආරම්භ කර ඇත. නීතීඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඒ අනුව මෙම සිදුවීමට අදාළ නීතීඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු එම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියා හට බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑම සම්බන්ධයෙන් මෙසේ විර්මශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා හට නීතීඥවරයා විසින් බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑම නීරීක්ෂණය වන වීඩියෝ දර්ශන ඇතුලත් සී.ඩී තැටියක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි පුද්ගලයින් කීප දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ