Sri Lanka
අළු බදාදා දිනය අදයි - චතාරික සමය ආරම්භ වෙයි
19 | 2026-02-18 01:00 PM
“දූවිල්ලෙන් සෑදුනු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය” යන දේව ප්‍රකාශය සිහිපත් කෙරෙන කිතුණු බැතිමතුන්ගේ අළු බදාදා දිනය අදට (18) යෙදී තිබේ. අළු බදාදා සමරමින් දිවයින පුරා කිතුනු දේවස්ථානවල දිව්‍ය පූජා පැවැත්වෙන අතර, එම පූජාවේ විශේෂ පිළිවෙතක් ලෙස බැතිමතුන්ගේ නළලට අළු තැවරීම සිදු කෙරේ. ඊට සමගාමීව, අදින් චතාරික සමය ද ආරම්භ වෙයි. චතාරික සමය යනු කිතුණුවන් විසින් ජේසුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ නැවත උත්ථානය සිහිපත් කරමින් අනුස්මරණය කරන ආගමික සමයකි. මෙම සමය සාමාන්‍යයෙන් දින 40ක කාලයක් පුරා පැවැත්වෙන අතර, ආත්ම පරීක්ෂණය, පශ්චාත්තාපය, උපවාසය සහ යාච්ඤාවට විශේෂ අවධානය යොමු කරමින් බැතිමතුන් ආධ්‍යාත්මිකව සූදානම් වීම මෙහි මූලික අරමුණ වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ