Sri Lanka
මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයටත් මහා සඟ සමුළුවට ආරාධනා
16 | 2026-02-18 05:15 PM
එළැඹෙන 20 වනදා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත මහා සඟ සමුළුව සම්බන්ධයෙන්, දැනුම්වත් කර එයට ආරාධනා කිරීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජිතයන් පිරිසක් අද (18) මහනුවර දී මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැදුටුහ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම හිමිගේ ප්‍රධානත්වයෙන් පැමිණි එම පිරිස පළමුවෙන්ම අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදුටු අතර ඉන්පසුව මල්වතු මහා විහාර පාර්ශ්‍වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදුටුහ. මාධ්‍යට අදහස් පළකරමින් පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම හිමි පැවසුවේ, වර්තමානයේදී ආණ්ඩුව නියෝජනය කරන පිරිස් මෙන්ම වෙනත් බාහිර පුද්ගලයන්ද බුද්ධ ශාසනයට, බෞද්ධාගමට සහ සිංහල ජාතියට ගැරහීම් සිදුකරන බැවින් එම කටයුතු වහා නවත්වන ලෙසට ඉල්ලීමට සහ අනුශාසනා ලබාදීමට මෙම සඟ සමුළුව පැවැත්වීමට කටයුතු කර ඇති බවය. එහිදි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ, මහ නාහිමිවරුන්ගේන යහපත් ප්‍රතිචාර ලැබුණු බවත් එම සඟ සමුළුව සඳහා සංඝයා වහන්සේලා සහභාගීකරවීමට කටයුතු කරන බවත්ය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ