Sri Lanka
ප්‍රදේශ කිහිපයකට අද තරමක තද වැසි
16 | 2026-02-20 07:30 AM
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (20) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නැගෙනහිර පළාතේ, මාතලේ, බදුල්ල, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද සඳහන් වේ. තවද රත්නපුර, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද අනාවරණය කරයි. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ