Sri Lanka
සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 22ක් නාවික හමුදා භාරයට
6 | 2026-02-20 09:40 AM
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවර යාත්‍රා 04ක් සහ ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. පෙරේදා(18) රාත්‍රී කාලයේ, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව මන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේ සහ ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේදී මෙම මෙහෙයුම් සිදුකකර තිබුණි. එහිදී මෙම යාත්‍රා 4 තුළ සිටි පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත. මන්නාරම උතුරු මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ධීවරයින් දස දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතය. එමෙන්ම, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ධීවරයින් දොළොස් දෙනා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ