Sri Lanka
ජනපති රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් හමුවෙයි
5 | 2026-02-20 11:12 AM
නවදිල්ලි නුවර පැවැත්වෙන "AI Impact 2026" සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා සිදුකර තිබේ. ඊයේ (19) පස්වරුවේ මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පස්වරුවේ බ්‍රසීලයේ ජනාධිපති ලූලා ද සිල්වා, භූතානයේ අගමැති Tshering Tobgay යන මහත්වරුන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත. එමෙන්ම අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු වන Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ