Sri Lanka
මෛත්‍රී වික්‍රමසිංහ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද CIDයට?
10 | 2026-02-20 11:40 AM
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දීමක් සිදුකර තිබේ. කෙසේ නමුත් ඇයට අද දිනයේ ඒ සඳහා පෙනී සිටීමට නොහැකි බවට එම කොට්ඨාශය වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. නොපැමිණීමට නිශ්චිත හේතුවක් වාර්තා නොවන අතර, සෞඛ්‍ය හේතුන් මත නොපැමිණෙන බව සඳහන්ය. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට ලබාදුන් අදාළ කැඳවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 18 වනදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව ඇය අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණීමට නියමිතව තිබුණි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මෙලෙස කැඳවීමක් සිදුකර ඇති බව සඳහන්ය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ