Sri Lanka
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් කෙරේ
17 | 2026-02-20 03:20 PM
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. 1977 අංක 01 දරණ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත, 1982 අංක 01 දරණ පනතේ 09 වන වගන්තිය හෝ 1990 අංක 47 දරන පනතේ 09 වන වගන්තිය ප්‍රාකාරව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම ඇති සහ විශ්‍රාම වැටුපක් ලබන යම් තැනැත්තෙකුට මෙම පනත ක්‍රියාත්මකවීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව විශ්‍රාම වැටුප් ලැබීම නතර විය යුතු බවයි අදාල ගැසට් නිවේදනයේ දැක්වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පසුගිය 17 වනදා පැවැත්වුනු අතර එය වැඩි ඡන්දයෙන් සම්මත විය. අනතුරුව අදාළ පනත් කෙටුම්පත සදහා කතානායකවරයා අත්සන් තැබු අතර පසුව එය මෙලෙස පනතක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ