Sri Lanka
රිමාන්ඩ් භාරයේ සිටි ජල සම්පාදන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇතුළු දෙදෙනෙකුට ඇප
19 | 2026-02-20 03:40 PM
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී දර්ෂණ මැදවත්ත සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියම කළේය. මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙතෙක් සිදු කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය. එය සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සැකකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරෝධතාවක් තිබේ දැයි ප්‍රශ්න කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ සැකකරුවන්ට ඇප මත මුදා හැරීම සම්බන්ධව විරෝධයක් නොමැති බවය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය. ඊට අමතරව ඔවුන්ගේ විදේස් ගමන් තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල මැයි මස 29 වනදා යළි කැඳවීමටද අධිකරණය නියම කළේය. ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයාට නිල වාහන දෙකක් තිබියදී ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයක් කුලී පදනම මත ලබා ගැනීම තුළින් සභාපතිවරයාට වාසි සැලසෙන ආකාරයෙන් කටයුතු කිරීම හරහා රජයට රුපියල් 12,750,000/- ක් පාඩුවක් සිදු කර දූෂණය නැමැති වරද සිදුකිරීමට කුමන්ත්‍රණය කළේ යැයි මෙම සැකකරුවන් තිදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ