Sri Lanka
මැදපෙරදිග යුදමය තත්ත්වය සමග මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු වෙයි
17 | 2026-03-04 07:58 AM
මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් විවිධ රටවල් වෙත භාණ්ඩ යැවීමේ කටයුතු වලට බාධා එල්ල වී ඇති බව තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා පැවසීය. අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, පසුගිය සිකුරාදා භාරගත් භාණ්ඩ කිහිපයක් මේ වනවිටත් යැවීමට නොහැකි වී ඇති බවයි. මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට භාණ්ඩ යැවීම සීමා වී ඇති අතර, ඇතැම් භාණ්ඩ යැවීමේදී බාධා ඇතිවිය හැකි බවද ඔහු පැවසීය. විශේෂයෙන්ම එම කලාපය වෙත සිදුකරන ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු වී ඇති බැවින් ජාත්‍යන්තර තැපැල් සේවා කටයුතු සෘජුවම බලපෑමට ලක්ව තිබේ. ප්‍රමාදවීම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට ද පියවර ගත් බව සඳහන් කළ තැපැල්පතිවරයා, ඒ ඒ රටවල තැපැල් පරිපාලන සමඟ අඛණ්ඩව සම්බන්ධතා පවත්වා ගෙන යන බවද පැවසීය. යථා තත්ත්වය යළි ස්ථාපිත වූ වහාම ජාත්‍යන්තර තැපැල් සේවා සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය. මෙවැනි තත්ත්වයක් තුළ භාණ්ඩ ප්‍රමාද වීම හේතුවෙන් විශේෂයෙන්ම නරක් වීමට ඉඩ ඇති භාණ්ඩ සම්බන්ධයෙන් අවදානම් පවතින බැවින්, ඒවා පාලනයෙන් තොර විය හැකි බවද ඔහු අවධාරණය කළේය. එබැවින්, මේ අවස්ථාවේ පවතින තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරමින් විදේශයන් වෙත භාණ්ඩ යැවීමට පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. භාණ්ඩ අදාළ ගමනාන්ත වෙත යැවීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේ අපහසුතා පවතින්නේ ශ්‍රී ලංකාවට පමණක් නොව, අනෙකුත් රටවලටද වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ