Sri Lanka
ඩ්‍රෝන ප්‍රහාරවලින් ඇමසන් සමාගමේ දත්ත මධ්‍යස්ථානවලට දැඩි හානී
18 | 2026-03-04 08:25 AM
මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හමුවේ ලොව ප්‍රමුඛතම Cloud Services සපයන්නා වන ඇමසන් සමාගමේ දත්ත මධ්‍යස්ථාන කිහිපයකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබේ. මෙම ප්‍රහාරවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දත්ත මධ්‍යස්ථාන දෙකකට සෘජුවම හානි සිදුව ඇති අතර බහරේනයේ පිහිටි මධ්‍යස්ථානයකට ද ඉන් බලපෑම් එල්ල වී ඇත. මෙම අනපේක්ෂිත සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ බැංකු කටයුතු, වෙබ් අඩවි සහ ජංගම දුරකථන යෙදුම් රැසක ක්‍රියාකාරිත්වය අඩාල වී ඇති බව වාර්තා වේ. ප්‍රහාර හේතුවෙන් ගොඩනැගිලිවලට හානි සිදුව ඇති අතර විදුලි පද්ධති අක්‍රිය වීමෙන් දත්ත සැකසීමේ කටයුතු නතර වී ඇති බව සඳහන් වේ. මීට අමතරව ගිනි නිවන පද්ධති ක්‍රියාත්මක වීම නිසා තාක්ෂණික උපකරණවලට ජලයෙන් හානි සිදුව ඇති බව ද සමාගම පවසයි. පවතින අනාරක්ෂිත බව හේතුවෙන් මැදපෙරදිග කලාපයේ තම සේවාවන් භාවිතා කරන සියලුම ආයතන වෙත වහාම තම දත්ත යුරෝපය හෝ අමෙරිකාව වැනි ආරක්ෂිත කලාපවල පිහිටි සර්වර් වෙත මාරු කරන ලෙස ඇමසන් සමාගම උපදෙස් දී තිබේ. මේ වන විටත් එමීර් රාජ්‍යයේ ප්‍රධාන පෙළේ බැංකු කිහිපයක ඩිජිටල් ගනුදෙනු පද්ධති අක්‍රිය වී ඇති අතර එය ජන ජීවිතයට ද දැඩි බලපෑමක් එල්ල කර ඇත. මෙය ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගමක දත්ත යටිතල පහසුකම්වලට යුදමය ප්‍රහාරයක් එල්ල වූ ප්‍රථම අවස්ථාවලින් එකක් ලෙස සැලකෙන අතර, මේ හේතුවෙන් කලාපයේ ඩිජිටල් ස්ථාවරත්වය පිළිබඳ දැඩි ගැටලුවක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ