Sri Lanka
ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවට රුසියාවෙන් ප්‍රකාශයක්
16 | 2026-03-04 08:45 AM
ඉරානය න්‍යෂ්ටික අවි නිපදවමින් සිටින බවට කිසිදු සාක්ෂියක් මොස්කව් පාලනය මෙතෙක් දැක නොමැති බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි. "ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන බවට අපට තවමත් කිසිදු සාක්ෂියක් ලැබී නැහැ. ඇත්ත වශයෙන්ම, මෙම යුද්ධය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් කළ ප්‍රධානතම සහ එකම හේතුව වූයේත් එයයි," යනුවෙන් ලැව්රොව් මහතා වැඩිදුරටත් පැවසීය. ඉරානයට එල්ල වන මෙම ප්‍රහාරවල ප්‍රතිවිපාක දැන් මුළු කලාපය පුරාම දැනෙමින් පවතින බවත්, විශේෂයෙන්ම අරාබි රටවලට මෙහි ආර්ථික පිරිවැය දැරීමට සිදුව ඇති බවත් රුසියානු විදේශ අමාත්‍යවරයා අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම ගැටුම් හේතුවෙන් සිදුවන ජීවිත හානි සහ දේපළ හානි හේතුවෙන් අසල්වැසි රටවල් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව රුසියාව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ