Sri Lanka
නිතර නොඇසෙන වාර්තාවක් තැබූ ඇනබෙල් සදර්ලන්ඩ්
105 | 2025-10-13 11:55 AM
ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට තම උපන්දිනය දා සිය රට වෙනුවෙන් ක්‍රීඩාකිරීමට අවස්ථාවක් ලැබෙන්නේ සීමා සහිත අවස්ථාවකදීය. එදින තම රට වෙනුවෙන් ගෞරවාන්විත දක්ෂතාවක් ක්‍රීඩාකිරීමට ලැබෙනවා නම් එය භාග්‍යකි. එක්දින කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අද (12) පැවැත්වෙන ඉන්දීය - ඔස්ට්‍රේලියා තරගයේ දී එවන් භ්‍යාගයක් උදාකරගැනීමට ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නියක වූ ඇනබෙල් සදර්ලන්ඩ්ට අවස්ථාව උදාවූවාය. සදර්ලන්ඩ්ගේ 24වන උපන්දිනය අදට යෙදී ඇති අතර, ඇය අද තරගයේදී ලකුණු 40කට කඩුලු 5ක් දවාත්තාය. ඒ අනුව තම උපන්දිනය දා එක්දින තරගයක කඩුලු 5ක් දවාගත් පළමු පන්දු යවන්නිය බවට ඇය පත්විය. පිරිමි එක්දින තරගවලදී ද මෙය එක්වරක් වාර්තා වී ඇත. එම සුවිශේෂී දක්ෂතාව ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන් දක්වා ඇති අතර, ඔහු 2024ට යෙදී තිබූ සිය 26වන උපන්දිනය දා දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 5ක් දවාගෙන තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ