Sri Lanka
රටේ කටයුතු අඩපණ වී නෑ- ඉරාන ජනාධිපතිගෙන් සහතිකයක්
18 | 2026-03-04 09:28 AM
තම රටට එරෙහිව යුද්ධය උත්සන්න වෙමින් පැවතියද, රජයේ සියලුම මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් 'Pezeshkian' පවසයි. රට පුරා පිහිටි රාජ්‍ය ආයතනවල කාර්යයන් අඛණ්ඩව සිදුවන බව ඔහු අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 'X' සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, වත්මන් තත්ත්වය හමුවේ මධ්‍යම රජය සහ ප්‍රාදේශීය නායකත්වය අතර සමීප සම්බන්ධතාවයක් පවතින බවය. ප්‍රහාර එල්ල වෙමින් පවතින පසුබිමක වුවද, රට පුරා දෛනික ජන ජීවිතයට අදාළ කටයුතු සහ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සහතික කර ඇති බව සඳහන් වේ

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ