Sri Lanka
මැදපෙරදිග යුද්ධය නිසා යුක්‍රේනයට ආයුධ සොයාගත නොහැකි වේයැයි සෙලෙන්ස්කි බියෙන්
16 | 2026-03-04 09:55 AM
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් යුක්‍රේනයට ගුවන් ආරක්ෂක මිසයිල සොයා ගැනීමට අපහසු විය හැකි බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අනතුරු අඟවා තිබේ. පවතින මෙම මැදපෙරදිග ගැටුම් හේතුවෙන් යුක්‍රේනයේ මිත්‍ර පාක්ෂිකයින්ගේ අවධානය වෙනතකට යොමු විය හැකි අවදානමක් මතුව ඇති බවත් එය රුසියාවේ පූර්ණ ආක්‍රමණයට එරෙහිව තම රට ආරක්ෂා කිරීම අමතක විය හැකි බවත් ඔහු පවසා ඇත. ඉතාලි පුවත්පතක් වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ සිය රටෙහි අහස ආරක්ෂා කර ගැනීම සඳහා මිසයිල සහ ආයුධ ලබා ගැනීමේ දුෂ්කරතා ඇති විය හැකි බවය. එමෙන්ම ඉරාන අර්බුදය සීමිත මෙහෙයුමක් ලෙස පවතිනු ඇති බවත් එය දිගු යුද්ධයක් කරා ගමන් නොකරනු ඇතැයි තමන් අපේක්ෂා කරනු ඇති බවත් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ