Sri Lanka
මැදපෙරදිග සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත පහර දෙන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
18 | 2026-03-04 10:00 AM
ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාර දිගින් දිගටම පවතින්නේ නම් මැදපෙරදිග පිහිටි සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත පහර දෙන බව ඉරානය පවසා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ප්‍රහාර දිගටම පවතින්නේ නම් මෙම පියවර ගන්නා බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක ජෙනරාල් ඊබ්‍රහිම් ජබ්බාරි අනතුරු අඟවා ඇති බවය. අමෙරිකාව සහ ඊශ්‍රායලය සිය ප්‍රධාන මධ්‍යස්ථාන වෙත දිගින් දිගටම පහරදීමට තීරණය කළ හොත් කලාපයේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වෙත පහරදීමට ඒ අනුව කටයුතු කරන බව ඔහු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම දැනට හෝමුස් සමුද්‍ර සන්දිය වසා දැමූ බවත් මේ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 80 ඉක්මවා ගොස් ඇති බැවින් මෙම එය ඉක්මනින් ඩොලර් 200 දක්වා ළඟා විය හැකි බවද ඔහු පවසා තිබේ. මේ අතර ඉරානයට එල්ල වී ඇති ප්‍රහාර හමුවේ මේ වන විට එරට පුද්ගලයින් 700කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රතු අඬ සංගමය සඳහන් කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ