Sri Lanka
මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල්-උදෙයිද් ගුවන් කඳවුරට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉන් ජීවිත හානි සිදු නොවූ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම බැලස්ටික් මිසයිල ප්‍රහාරය අඟහරුවාදා (03) සවස එල්ලවී ඇති බවත් වාර්තා වෙයි
48 | 2026-03-04 10:20 AM
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (04) පැවැත්වෙයි. මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය. මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාව මූලික වටයේදී ඩී කාණ්ඩයෙන් තරග වැදුණු අතර ඔවුන් එහිදී සහභාගි වූ තරග 4ම ජය ගනිමින් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. සුපිරි අට දෙනාගේ වටයේද සිය ජයග්‍රාහී රිද්මය එලෙසින්ම පවත්වාගත් දකුණු අප්‍රිකාව එම වටයේ පළමු කාණ්ඩයෙන් තරග වැදුණු අතර එම වටයේද සහභාගි වූ තරග 3ම ජය ගනිමින් ඔවුන් අපරාජිතව අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගත්තේය. මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි එකම අපරාජිත කණ්ඩායම වන්නේද දකුණු අප්‍රිකාවයි. නවසීලන්තයද මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඩී කාණ්ඩයෙන් තරග වැදුණු අතර ඔවුන් මූලික වටයේ සහභාගි වූ තරග 4න් තරග 3ක් ජය ගනිමින් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. සුපිරි අටදෙනාගේ වටයේ දෙවන කාණ්ඩයෙන් තරග වැදුණු නවසීලන්තය එම වටයේ සහභාගි වූ තරග 3න් එක් තරගයක් ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ පාකිස්තානයට වඩා වැඩි දළ ලකුණු වේගයක් රඳවා ගනිමින්ය. දෙවන අවසන් පූර්ව තරගය සත්කාරක ඉන්දියාව සහ එංගලන්තය අතර මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී හෙට රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ