Sri Lanka
පාර්ලිමේන්තුවේ නිලධාරිනියකට සිදුවූ බව කියන ලිංගික හිංසන සිද්ධිය - අවසන් පරීක්ෂණ වාර්තාව සභාගත කරයි
16 | 2026-03-04 03:37 PM
පාර්ලිමේන්තුවේ නිලධාරිනියකට සිදුවූ බව කියන ලිංගික හිංසන සිද්ධිය පිළිබඳ අවසන් පරීක්ෂණ වාර්තාව සභාගත කර ඇත. ඒ අනුව, අද (04) සභා වාරයේදී කථානායකවරයා විසින් එම වාර්තාව සභාගත කළ බව දැනුම් දුන්නේය. පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට සිදුවූ බව කියන ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත්වීමට 2025.07.25 දින පාර්ලිමේන්තු කාර්යමණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර තිබුණි. එම තීරණය අනුව, විශ්‍රාමික මහධිකරණ විනිසුර සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් සිදුකළ විමර්ශනයේ අවසන් වාර්තාව 2025.11.24 දින කථානායකවරයා වෙත ඉදිරිපත් කර ඇත. ඉන් අනතුරුව 2026.02.19 දින පැවැති පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවේ තීරණය අනුව එම වාර්තාව සභාගත කර තිබේ. මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා එම වාර්තාවේ පිටපතක්ද පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ තබා ඇති බවද සඳහන් කෙරිණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ