Sri Lanka
සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි
15 | 2026-03-04 04:00 PM
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක කටයුතු ප්‍රවර්ධන නොකිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි නීතිපතිවරයා අද (04) අභියාචනාධිකරණයට දැනුම් දුනි. ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් රාජ්‍ය නොවන සංවිධානයක් වෙත නිකුත් කළ ලිපියක් බල රහිත කිරිමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකෙරුණි. දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එහි පෙත්සම්කරුවකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ