Sri Lanka
ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 07 දෙනෙකු නිදහස් කෙරේ
65 | 2025-10-13 12:29 PM
ගාසා තීරයේ සාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය විසින් ආරම්භ කර තිබේ. ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු මෙලෙස අද (13) දිනයේ නිදහස් කෙරෙන අතර ඔවුන්ගේ නම් ලැයිස්තුව එම සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි. ඒ අනුව පළමු අදියර යටතේ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 07දෙනෙකු උතුරු ගාසා තීරයේ දී රතු කුරුස සංවිධානය වෙත භාරදීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුරුව රතු කුරුස සංවිධානයේ නිළධාරීන් විසින් ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙත එම පිරිස භාරදෙනු ඇති. නිදහස ලබන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිළිගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් එරට ටෙල්අව්වි අගනුවරට එක් රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2023 වසරේ ඔක්තෝබර් මස 07 වනදා හමාස් සංවිධානය ඊශ්‍රායලයේ සිදුකල ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයින් 251 දෙනාගෙන් 155 දෙනෙකු මීට පෙර මුදා ගැනීමට හැකිව තිබු අතර තවත් 58 දෙනෙකු මියගොස් තිබුණි. හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සමගාමීව ඊශ්‍රායලය විසින් ද අද දිනයේ පලස්තීන සිරකරුවන් 1718 දෙනෙකු නිදහස් කිරීමට නියමිතව තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ