Sri Lanka
ඉරාන නැවට ප්‍රහාර එල්ල කළේ තමන් බව අමෙරිකාව කියයි
14 | 2026-03-05 08:15 AM
අමෙරිකානු සැබ්මැරීනයක සිට ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පවසයි. ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් ඔහු පවසා ඇත්තේ ටෝපීඩෝවක් යොදාගෙන සතුරු නෞකාවක් ගිල්වනු ලැබුවේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරුව පළමුවරට බවය. එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ "අපි සටන් කරන්නේ දිනන්න" යනුවෙනි. "ඊයේ අමෙරිකානු සබ්මැරීනයක් මගින් ජාත්‍යන්තර මුහුදේදි අප ආරක්ෂිතයි සිතා කටයුතු කළ ඉරාන යුද නෞකාවක් මුහුදුබත් කළා. එය ගිල්වා දැම්මේ ටෝපීඩෝවක් යොදාගෙන. නිහඬ මරණයක් ටෝපීඩෝවක් යොදාගෙන සතුරු නෞකාවක් ගිල්වනු ලැබුවේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරුව පළමුවරටයි. අපි සටන් කරන්නේ දිනන්න. නිසැකවම, කිසිම සමාවක් නොදී අමෙරිකාව දිනනවා..."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ