Sri Lanka
මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පිරිසට ආදරෙයි ඔබට නම් වු ආදරණීය වැඩ සටහනක් !
102 | 2025-10-13 01:54 PM
මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පිරිසට ආදරෙයි ඔබට නම් වු ආදරණීය වැඩ සටහනක් ! කොට්ටාව සිද්ධමුල්ල ප්‍රගති සංස්කෘතික සංසදය සහ නි ර් මල සුඛිත් හපුආරච්චි පදනම ප්‍රදේශවාසීන්ගේ සහ දෙස් විදෙස් හිතවතුනගේ දායකත්වය ඇති ව සංවිධානය කළ ආදරෙයි ඔබට නම් වු ආදරණීය වැඩ සටහනක් පැවැත්විණි. ඒ මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ආදරණීයන් ඇතුළු 1070 දෙනා සඳහා දිවා ආහාරය පිරිනැමීමේ සහ නේවාසිකව ප්‍රතිකාර ලබන මල් කැකුළු වන් දරුවන් 140 දෙනෙකුගේ මව, පියා හෝ භාරකරුට ගමන් වියදම් වශයෙන් රුපියල් 1000 බැගින් පිරිනැමීමේ මහා පිංකම රෝහල් පරි ශ්‍ර යේ දී සිදු කෙරිණි. මෙම අවස්ථාවට සිද්ධමුල්ල ශ්‍රි සංඝාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී ටැම්පිටියේ ප්‍රඥ්ඤානන්ද හිමි, නි ර් මල සුඛිත් හපුආරච්චි ඇතුලු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටිය හ. <div><br></div>

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ