Sri Lanka
ඉරාන-අමෙරිකා යුද්ධයෙන් පළමුවෙන්ම මියගිය අමෙරිකානු සෙබළුන්
12 | 2026-03-05 08:30 AM
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය ගැටුම්වලින් මියගිය ප්‍රථම අමෙරිකානු සෙබළුන් කවුරුන්දැයි අමෙරිකානු හමුදාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය ඉරිදා (01) කුවේට් හි 'පෝර්ට් ෂුඅයිබා' ප්‍රදේශයේ පිහිටි විධාන මධ්‍යස්ථානයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙම සෙබළුන් හය දෙනා ජීවිතක්ෂයට පත්ව ඇත. ගුවන් ආරක්ෂණ පද්ධති මගහරිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන් වේ. මීට පෙර මියගිය සංඛ්‍යාව තිදෙනෙකු බව පැවසුණද, තුවාල ලැබූ අයෙකු මියයාම සහ සුන්බුන් අතර තිබී තවත් මළ සිරුරු දෙකක් හමුවීමත් සමඟ මරණ සංඛ්‍යාව හය දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. මියගිය අය අතරින් සිව්දෙනෙකු අමෙරිකානු යුද හමුදා රක්ෂිත බලකායේ සේවය කළ අය බව සඳහන් වේ. කැප්ටන් කොඩි කෝක් (වයස 35) සර්ජන්ට් නෝවා ටීට්ජන්ස් (වයස 42) සර්ජන්ට් නිකොල් අමෝර් (වයස 39) සර්ජන්ට් ඩෙක්ලාන් කෝඩි (වයස 20) අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කළේ සන්නද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයකට ප්‍රබල අවියක් මගින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය. මේ අතර, කුවේටයේදී සිදුවූ "Friendly fire" හේතුවෙන් තම ප්‍රහාරක යානා තුනක් කඩා වැටුණු බව අමෙරිකාව තහවුරු කළේය. එහි ගුවන් නියමුවන් දිවි ගලවා ගැනීමට සමත් වී ඇතත්, ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ එම යානා තමන් වෙඩි තබා බිම හෙළූ බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ