Sri Lanka
රට පුරා සිටින ගැබිනී මාතාවන්ට කසන ලෙඩක්!
79 | 2025-10-13 01:58 PM
රට පුරා සිටින ගැබිනී මාතාවන්ට කසන ලෙඩක්! ගැබිනි මව්වරුන් අතර සම රතුවී දහඩිය බිබිලි මෙන් කුඩා බිබිලි මතුවී සම කැසීමේ තත්ත්වයක් පවතින්නේ නම් වහාම සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමුව ප්‍රතිකාර ලබා ගන්නැයි කොළඹ ජාතික රෝහලේ ච ර් ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය සඳහන් කළා ය. ටිනියා රෝගයට ගොදුරුවන පිරිස ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බැවින් ගැබිනි මව්වරුන්ද රෝගයට ගොදුරුවන පිරිස අතර සැලකිය යුතු මට්ටමකින් සිටින බැවින් කිහිලි , ඉකිලි ආදී ප්‍රදේශයන් ඇතුලු සිරුරම තදබල ලෙස කැසීමට ලක්වන්නේ නම් හිතුමතේට ආලේපන භාවිත නොකරන්නැයි ද එයින් රෝගය උත්සන වනු ඇති බව ද ඇය කීවා ය. ගැබිනි මව්වරුන්ට බොහෝ විට මුඛ මා ර් ගයෙන් ගන්නා ඖෂධ නොදෙන නමුත් ටීනියා තත්ත්වය උත්සන්න වී ඇති බැවින් දැන් දැන් මුඛයෙන් ලබා ගන්නා ඖෂධ පවා නි ර් දේශ කිරීමට සමේ රෝග විශේෂඥයින්ට සිදු ව ඇති බව ද ඇය පැවසුවා ය. මෙම රෝගය කුස තුළ සිටින දරුවාට බලපැම් ඇති කරනුයේ දරුවා ඉපදුණු පසුව බැවින් ගැබිනි කාලයේ දී නිසි ප්‍රතිකාරයන් ලබා ගෙන රෝගය නිට්ටාව සුව කර ගන්නැයි ඇය ඉල්ලීමක් කළා ය. ටීනියා රෝගය නිසි වෛද්‍ය උපෙදස් ලබා නොගෙන හිතුමතේට ආලේපනයන් භාවිත කිරීම හේතුවෙන් මේ වන විට රෝගය උත්සන වී ඇති බවත් ජාතික රෝහලේ සමේ රෝග සායනයට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 20ක් පමණ ම ටීනියා රෝගයට ගොදුරු වූවන් බව ඇය පවසා සිටියා ය. <div><br></div>

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ