Sri Lanka
මතුගම වෙඩි තැබීමක්
13 | 2026-03-05 10:30 AM
මතුගම, මතුගම කන්ද ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඊයේ (04) රාත්‍රී 11.30ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේය. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම නිවසේ ජනේලයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කොට පළාගොස් ඇති අතර ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව සඳහන්වේ. මත්ද්‍රව්‍ය ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි. මතුගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ