Sri Lanka
විදේශ ඇමති විජිත මැදපෙරදිග රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡාවක
12 | 2026-03-05 10:25 AM
මැදපෙරදිග රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ අමාත්‍ය විජිත හේරත් මහතා දුරකථනයෙන් සාකච්ඡා කළේය. ඒ අනුව කටාර්, ලෙබනන්, ජෝර්දාන් සහ කුවේට් යන රටවල විදේශ අමාත්‍යවරුන් සමඟ ඔහු සාකච්ඡා කර ඇත. එහිදී එම කලාපයේ ඇතිවී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් ඒ ඒ රටවල් මුහුණ පා ඇති තත්ත්වය සොයා බලමින් සිය ශෝකය සහ කණගාටුව ප්‍රකාශ කළේය. මීට අමතරව එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. අමාත්‍ය විජිත හේරත් මහතා ඒ රටවල්වලින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින සංචාරකයන්ගේ ආරක්‍ෂාව ශ්‍රී ලංකා රජය භාරගෙන ඇති බවද එහිදී පෙන්වා දුන්නේය. හදිසි අවස්ථාවක ඉල්ලා සිටින මානුෂීය සහාය ලබාදීමට ශ්‍රී ලංකාව නොපැකිලිව කටයුතු කරන බව ද ඔහු කීය. මේ සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල විදේශ අමාත්‍යවරුන් ඇමති විජිත හේරත්ට අවංක ස්තූතිය පළ කළහ. එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවද තවදුරටත් සහතික වූහ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ