Sri Lanka
රුපියල් ලක්ෂ 50ක මුදලක් අල්ලස් ලෙස ගත් ව්‍යාපාරිකයා අත්අඩංගුවට
11 | 2026-03-05 10:40 AM
රුපියල් ලක්ෂ 50ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාවකට අදාළව ව්‍යාපාරිකයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සැකකරුවෙකු වෙත ඇප ලබාගැනීමට අවශ්‍ය සහය ලබාදීම සඳහාත් ඔහුගේ පවුලේ ඥාතීන් අත්අඩංගුවට ගැනීම වළක්වාලීමට අවශ්‍ය සහය ලබාදීම සඳහාත් සැකකාර ව්‍යාපාරිකයා විසින් අදාළ අල්ලස් මුදල් ලබාගෙන ඇති බව සඳහන්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බව අල්ලස් කොමිසම නිවේදනය කරයි. සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ